World

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයනවිට 73 වන වියේ පසුවූ මොහු වකුගඩු ආබාධයකින්ද පෙළුනු බවයි වාර්තාවන්නේ.

ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති මොහු ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කළක් කටයුතු කර ඇත.

ක්‍රිඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ විවිධ තනතුරු හෙබවූ ඔහු ඉන්දියානු කණ්ඩායම් කළමනාකරු ලෙස ද සේවය කර තිබේ.

රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

colombotoday

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

colombotoday

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Admin

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday