Colombo Today Local News

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් අමාතය අලි සබ්රි සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමටත් පෙර සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සම්බන්ධයෙන් කල් තියා තොරතුරු ලබාදීම නිසා වෙඩි ප්‍රහාරයකට ලක්වූ තස්ලීම්ව බැලීමට අමාත්‍යවරයා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

අධිකරණ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනයි මේ,

” මම ඊයේ දින දිව්රැම් දී යලි පැමිනෙණවිට , සහරාන්ට විරැද්ධව තොරතුරැ ලබාදී වෙඩි පහාරයට ලක්වු තස්ලීම් හමුවුණු අවස්ථාව.
මාවනැල්ල පොදුජන පෙරමුණ සංවිධායකතුමාද සහභාගි වුණා.
ඔහු ජාතික වීරයෙකි. එලිපිට ජාතිවාදය වපුරන උගත්යයි කියන ඇතැම් ජාතිවාදීන් අතර මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකල පුද්ගලයෙකි.
මිනිසා ⁣වසලයෙකු හො බමුණකු වන්නේ උපතින් නොව භාවිතයෙක් බව අත්දැකීමෙන් තේරැම්ගෙන සිටිමි.
අපි තව තස්ලීම්ලා දහස් ගනණක් බිහිකරමු! “

Related posts

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ… අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා !

colombotoday

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday