Colombo Today Local NewsCovid 19

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ඒකරාශි කරමින් පවතින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සඳහන් කර සිටියි.

මේ වන විට මෙම නිලධාරියාගේ ආශ්‍රිතයින් 50 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් දළ වශයෙන් පුද්ගලයින් 200 ක ගේ පමණ PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නිලධාරියා සමග සමීපව ආශ්‍රය කළ බව කියන ඇතැම් ආශ්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක විසිරි සිටින බවයි ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මෙම පුද්ගලයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වන අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්ව නොසිටි බවයි ඔහු සඳහන් කළේ.

මෙම නිලධාරියා ලංකාපුර ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට, ආයුර්වේද රෝහලකට මෙන්ම බැංකුවකට පසුගිය දින වලදී ගොස් ඇති බවයි දැනට සිදුකර ඇති මුලික පරීක්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම නිලධාරියා මිට දින කිහිපයකට ඉහතදී ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට ද සහභාගිවී ඇති අතර එහිදී ඔහු මියගිය පුද්ගලයාගේ භූමදානය සිදුකිරීමට අවශ්‍ය ස්ථානය සකස් කරන ස්ථානයට ද ගොස් එහි සිටි පිරිස් සමග මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවට කරුණු හෙළිව තිබේ. එම ස්ථානයේ පමණක් ඔහු හා සම්බන්ධ වූ ආශ්‍රිතයින් සංඛ්‍යාව 14 දෙනෙක් බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සඳහන් කළේ.

Related posts

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

මැතිවරණ ආඥා පනත සංශෝධනයට සැරසේ.. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩකඩ අහුරයි…

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

නිමක් නැති දඩයමක්: එක්නැලිගොඩ පැහැරගත්තා කියා තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday