Covid 19World

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව අද එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ ආසාදිතයින් 15,096,317ක් ලෙසය.

සිදුව ඇති සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 619, 520ක් වන අතර, පුර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 9,113,043කි.

මේ අතර, අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂ හතළිහ ඉක්මවා ගියේය.

ඒ ඊයේ (21)දින අලුතින් හඳුනාගත් ආසාදිතයන් 67,118ත් සමගිනි.

එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144,953 කි.

නිව්යෝක් සහ කැලිෆෝනියා ප්‍රාන්ත දෙකේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හාර ලක්ෂය ඉක්මවා තිබේ.

අමෙරිකා මහද්වීපය තුළ වසංගත තත්ත්වයේ අඩුවීමක් තවමත් පෙන්නුම් නොකරන බව “පෑන්” අමෙරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO) පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට මුඛ ආවරණ පැළඳීම ඵලදායී වන බව පවසමින් ඒ සඳහා ජනතාව දිරිගැන්වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පියවර ගෙන තිබුණි.

බ්‍රසීලයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද වන විට විසි එක් ලක්ෂ හැට හයදහස ඉක්මවා ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 81,597 කි.

මේ අතර කොවිඩ් ආසාදනයවූ දකුණු අප්‍රිකානු කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ.

දකුණු අප්‍රිකානු කම්කරු ඇමති ලෙස කටයුතු කරන 61 හැවිරිදි තූලස් නෙක්සීසි සහ ඛනිජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන 65 හැවිරිදි ග්වේඩ් මන්තෂේ එම අමාත්‍යවරුන් දෙදෙනායි.

කොවිඩ් වසංගතයෙන් මේ වනවිට ලොව සිව්වනුවට වැඩිම බලපෑම් එල්ල වී ඇති රට රුසියාවයි.

වසංගතයත් සමග තෙල් මිල පහළ බැසීම හා ආර්ථිකයට සිදුවූ බලපෑම සැලකිල්ලට ගනිමින් යුද වියදම් කපාහැරීමට අදහස් කරන බව එරට මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හත් ලක්ෂ අසූ තුන්දහසකට අධිකයි.

Related posts

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට ගල් හා බිත්තර ප්‍රහාරයක්

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin