Colombo Today Local NewsCovid 19

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝන ආසාදිතයන් බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වයස අවුරුදු 44 සහ 45 වියේ පසුවන මෙම දෙදෙනා දෙවුන්දර සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම දෙදෙනා ඉකුත් හත්වෙනිදා තමන් සේවය කරන ලද නෞකාවෙන් බැස තිබේ.

මෙම දෙදෙනා සමඟ නිරෝධායන මධ්‍යස්ථානයේ එකම කාමරයේ සිටි අනෙක් පුද්ගලයාද කොරෝනා ආසාදිතයෙක් බව මීට පෙර තහවුරු වූ අතර ඔහු දැනට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

අද දින කොරෝනා බවට තහවුරු වූ මෙම දෙදෙනා ද ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

Related posts

පා. මන්ත්‍රී කොට්ටහච්චිට අපහස කල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Admin

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday