Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිශන් සභාව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඒ මහතා පවසයි.

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

Related posts

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday