Colombo Today Local News

කාදිනල්තුමා පිළිබඳව ඉදිරියේදී මුකුත් කියන්නේ නෑ ඒත් මගේ ස්ථාවරය වෙනසක් නෑ – හරීන් කියයි

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සම්බන්ධ කරගෙන මින් ඉදිරියට ප‍්‍රකාශ නොකරන නමුත් එතුමා පිළිබඳව එදා කළ ප‍්‍රකාශය අනුව තමා තවමත් එදා ස්ථාවරයේ පසුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවැසීය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කළ ප‍්‍රකාශ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ පරාජයට තදින්ම බලපෑ බවට හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කළ ප‍්‍රකාශයක් නිසා ඒ මහතා පසුගිය දිනවල රටේ ජනතාවගේ විවේචනයට ලක්විය. මේ හේතුවෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා පෙරේදා (27දා) සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ කොළඹ අගරදගුරු මැඳුරට ගොස් එම ප‍්‍රකාශය පිළිබඳ අගරදගුරුතුමන්ගෙන් සමාව අයැද සිටියේය. මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ පිළිතුරු දෙමින් හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

කාදිනල්තුමාට ඔබ කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔබ තවමත් එම ස්ථාවරයේම පසුවෙන්නේ නම් ඇයි ඔබ සමාව ගැනීමට ගියේ යැයි අප විමසූ විට හෙතෙම කියා සිටියේ අනවශ්‍ය ප‍්‍රශ්න ඇති නොකරන ලෙසය.

තම අදහස් වලට කාදිනල්තුමා ඉතාමත් අවධානයෙන් සවන් දුන් බව කී හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

මෙම සිද්ධිය හුඟාක් ඇදගෙන ගියේ මාධ්‍යයයි. මා කළ කතාව පිළිබඳව හුඟ දෙනෙක් කාදිනල්තුමාගෙන් විමසීම් කිරීමට පටන් ගත්තා කියලා උන්වහන්සේ කිව්වා.

කාදිනල්තුමා විවේචනය කිරීම මාධ්‍යයට මෙන්ම කාටත් ප‍්‍රශ්නයක්. මාධ්‍ය මගින් එම ප‍්‍රශ්න ඇදගෙන යාම වරදක් නැතැයි අප කී විට අද මාධ්‍ය අතර තිබෙන්නේ තරගයක් බවද ඇතැම් විiුත් මාධ්‍ය දැන් කවුරුත් බලන්නේ නැතැයි හරීන් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

ඔබගේම පක්‍ෂයේ උදවිය ඔබව විවේචනය කළා නේදැයි අප ඇසූ විට ඒ ගොල්ලෝ එහෙම කළේ මනාප ගන්නයි හෙතෙම පැවැසීය.

තමා කළ ප‍්‍රකාශය පිළිබඳව කාදිනල්තුමාට කරුණු පැහැදිලිකර දුන් බවද එදා කළ ප‍්‍රකාශය ගැන එතුමා කනගාටු වූ බවද පැවැසූ හරීන් ප‍්‍රනාන්දු මහතා දැන් ප‍්‍රශ්න ඔක්කෝම ඉවරයි. හැබැයි මම තවමත් ඉන්නේ ඒ ස්ථාවරයේමයි යැයි කියා සිටියේය.

නෝමන් පලිහවඩන

Related posts

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

විපක්ෂයේ විරෝධතාවය මැද 20 සම්මත කරන්න ආණ්ඩුව තීරණය කලා..- SJB

colombotoday

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

colombotoday