Colombo Today Local News

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලංකා බැංකු සේවක සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාල කොමිසම පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අරලියගහ මන්දීරයේදී ලංකා බැංකු සේවක සංගමය සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳ වූ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු තිබේ.

එම ගැටළු සඳහා කමිටුවක් හරහා කඩිනමින් විසදුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ

colombotoday

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

Admin

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

colombotoday

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

colombotoday

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Admin

නියෝමාල් රංගජීව පොලිස් නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් ජනපති අතින් පිදුම් ලබයි….

colombotoday