Colombo Today Local NewsCovid 19

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

අද (24)දින සවස 4.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට තහවුරු කළ කොරෝනා රෝගීන් අතරින් වෙනත් රටවලින් පැමිණි ගණන 747ක් වන අතර ඉන් 30 දෙනෙකු විදේශිකයින්ය.

අද (24) හඳුනාගත් ආසාදිතයින් හත් දෙනා අමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

එම ආසාදිතයින් 7 දෙනා ද සමග ආසාදිතයින් 425 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

කොවිඩ් ආසාදිතයින්ගෙන් 1562 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර මෙරට බාහිර සමාජයෙන් අවසන් වරට ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ අප්‍රේල් 30 වනදාය.

Related posts

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday