World

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීයවීමෙන් 2010 වසරේදී පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි.

Related posts

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday