Colombo Today Local News

ගල්කිස්ස-සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

සැකකරුවෙකු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00.03ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

එහිදි පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 50ක් වන බවත් බල්ලාපන – දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය පවසයි.

මෙම සැකකරු විවිධ නම් වලින් පෙනි සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව සඳහන්.

මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.

Related posts

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

colombotoday

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday