Colombo Today Local News

යුරෝපයේ විද්‍යුත් මෝටර් රථ ගන්න රජයෙන් මුදල් – ලංකාවේ රජය බද්ද 5% සිට 50% දක්වා වැඩි කරලා

nissan-leaf-charging

මෙවර අයවැයෙන් පැනවූ නව බදු හේතුවෙන් විද්‍යුත් මෝටර් රථ ආනයනය නවතා දැමීමට බොහෝදුරට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

විද්‍යුත් මෝටර් රථ මෙරටට ගෙන්වීමේදී මෙතෙක් සියයට 5ක්ව පැවැති බද්ද සියයට 50ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඒ අනුව අදාළ මෝටර් රථ ආනයනය අත්හිටුවීමට හෝ සීමා කිරීමට සිදුව ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටියේය.

මෙවර අයවැයෙන් සිදුකෙරුණු බදු සංශෝධන අනුව බොහෝ වාහනවල මිල කැපී පෙනෙන ලෙස වැඩිවන බව එම සංගමය පවසයි.

නව බදු හේතුවෙන් විද්‍යුත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25කින්, දෙමුහුම් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 4කින් සහ මිනිකැබ් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 10කින් ඉහළ නංවා ඇත.

Related posts

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

colombotoday

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday