Colombo Today Local News

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේද කීවේය.

කාටහරි දඬුවම් දෙන්න අවශ්‍ය නම් ආණ්ඩුවට පොලිසිය ලවා ඒක කරවන්න පුළුවන්. මෙවැනි දේ අපි මීට ඉහත අත්දැකලා තියෙනවා. රාජිත සේනාරත්න කළ දේ හරිද? වැරදිද? කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවේ මැතිවරයක් තිබුණා. ඔහුට ලැබුණු තොරතුරු අනුව ඔහු කටයුතු කළා. එහෙම නැතිව රාජිත සේනාරත්න හිතා මතා කළ දෙයක් නෙමෙයි.

මම දන්න තරමින් මේ ගැන ප්‍රකාශයක් කළ ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා අද නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව ඉතා පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂ‍ය හිටපු කෙනෙකු ලෙස එයාලා කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඉතාම හොඳින් දන්නවා. කෙනෙකුට හිරිහැර කරන්න අවශ්‍ය නම් ඒක කළ යුතු ආකාරය එයාලා දන්නවා.

මොකද මම එතන ඉඳලා ආව කෙනෙක් විදිහට මේ රජය ක්‍රියා කරන හැටි ගැන මට ඉතා හොඳ වැටහීමක් තියෙනවා. පසුගිය රජය වගේම මේක මේ රජය කළ වැරදි දෙයක්. කවුරු කළත් ඇත්ත කියන්න ඕන. වැරදි කරන්නේ නැහැ කියලා මෙයාලා ආවේ.

රාජිත සේනාරත්න මේ රටට විශාල සේවයක් කළ දේශපාලනඥයෙක්. ඒ නිසා ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් දක්වපු ක්‍රියාකලාපය ගැන අපගේ විරෝධය ප්‍රකාශ කරනවා.

Related posts

නවසීලන්ත අගමැති එයි

colombotoday

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

“ලංකවේ මුස්ලිම් 30 ක් ISIS ත්‍රස්තවාදීන්ට එක්වෙලා“ – අගමැති ඉන්දීය මාධ්‍යට කියයි

colombotoday