Colombo Today Local News

රෝහින්‍යා සරණාගතයින් භාරගන්න – රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලකරයි

රෝහින්‍යා සරණගතයන් යැයි විශ්වාස කරන කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සිය ගණනක් රැගත් ධීවර යාත්‍රා කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අතරමංව සිටින බැවින් එම පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, ටිමෝර්-ලෙස්ටේ, තායිලන්තය සහ වියට්නාමය යන රටවල මුහුදු සීමාවලද මෙම පිරිස් අතරමංව ඇතැයිද කලාපීය ප්‍රකාශ සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව සහන සැලසිය යුතු බවට ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය එම රජයන් වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් මේ බව පවසා ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ මෙම පිරිස භාර ගැනීම සෑම රටකින්ම ප්‍රතික්ෂේප වන නමුත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට වහාම කටයුතු කළ යුතු බව ඔවුහු එමගින් දන්වා ඇත.

Related posts

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin