69 හැවිරිදි පකිස්තානයේ තබ්ලිග් ජමාත් නායක මවුලානා සුහයිබ් රූමි කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්ව ඇත.
ඔහු පසුගිය මාසයේ ලාහෝර් හි රයිවයින්ඩ් හි පැවති තබ්ලිග් රැස්වීමට ද සහභාගී වී තිබේ.
මේ වන විට පාකිස්තානයේ පන්ජාබ් පළාතේ තබ්ලිගි ජමාත් සාමාජිකයින් 1100 ක් පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත.
පාකිස්තානයේ COVID-19 රෝගීන් 7,480 කට වඩා වාර්තා වී ඇති අතර මරණ 143 ක් වාර්තා වී තිබේ.
පාකිස්තානයේ පමණක් නොව ඉන්දියාව, මැලේසියාව සහ බෘනායි යන රටවලකොරෝනා වෛරස වාහකයන් ලෙස තබ්ලිගි ජමාත් සාමාජිකයින් මතු වී තිබේ.