Colombo Today Local News

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ කථා බහට ලක් වූ දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ ස්වාමීන් වහන්සේලා දෙනම සහ පංසලේ කැප කරැ දායක පිංවතුන් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් පවුල් 1000 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම ප්‍රදේශ කිහිපයකදී සිදු කරන ලදි.

සෑම වර්ෂයකම වෙසක් පොහොය නිමිත්තෙන් විහාරස්ථානයේ සිදු කරනු ලබන වෙසක් පින්කම වෙනුවට මේම වැඩ සටහන සිදු කිරීමට තීරණය කල බව තේගු ශ්‍රී ලංකාරාමවාසි විජිතවංශ හිමියෝ Colombo Today වෙත පැවසීය.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා, එරට වෙසෙන ශ්‍රී ලංකික තරුණ තරුණියන් සහ ශ්‍රී ලංකාවෙ දානපතියන් මේ සදහා කැප වී කටයුතු සිදු කල බවත් මේ සදහා උදව් උපකාර සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරී වේවා යැයි ප්‍රර්ථනා කරන බවත් ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

colombotoday

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

colombotoday

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday