Colombo Today Local NewsCovid 19

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

“කොවිඞ් 19” හෙවත් “නව කොරෝනා” වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වළකාලීමේ පියවරක් වශයෙන් අදාළ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ මෙලෙස පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම නිවාස සංකීර්ණයේ පවුල් 400 ක පමණ පිරිසක් පදිංචිව සිටින බවත් ඔවුන්ට නිවාස සංකීර්ණයෙන් පිටව යෑම සහ පිටස්තර පුද්ගලයින්ට නිවාස සංකීර්ණයට ඇතුළුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ලඟින් ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීම සදහාද සෞඛ්‍ය අංශ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

මැතිවරණය පැවැත්වීම නැවත්වීමට දැඩි උත්සහයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8 ක්

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday