Colombo Today Local NewsCovid 19

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඇය කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වී ඇත .

මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනයවී මේවනවිට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය . කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියා මෙම කාන්තාවය.

Related posts

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday