Colombo Today Local News

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.

නාම යෝජනා මාර්තු 12-19 අතර මැතිවරණය අප්‍රේල් 23න් පසු පාර්ලිමේන්තුව අද (2 වැනිදා) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකිය. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර මහා මැතිවරණය සඳහා මේ වනවිට මූලික කටයුතු අරඹා ඇතැයිද කොමිෂන් සභාව කියයි.

2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අසූ පහකි. 2018 වසරේ ඡන්ද නාම ලේඛනයට වඩා 271,789 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Related posts

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් හෙට ශ්‍රී ලංකාවට

Admin

විල්පත්තුව වන සංහාරය පිළිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday