Colombo Today Local News

කොරෝනා මරණ ගණන 132 දක්වා ඉහළට… වෛරසය රටවල් 15කට පැතිරෙයි…

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 132 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.

එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 6,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වෛරසය රටවල් 15කට පමණ ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් බොහොමයක් සිය ජාතිකයන්ට චීනයට නොයන ලෙස උපදෙස් ලබා දී තිබේ.

වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා විදේශයන්හි සිට පැමිණෙන සංචාරක කණ්ඩායම්වල සංචරණ කටුයුතු තහනම් කිරීමටද, පාසල් වැසීමටද, ලූනර් නව අවුරුදු උත්සවය ද කල්දැමීමට ද චීනය කටයුතු කර ඇත. චීනයේ සිටි ඇමරිකානු සහ ජපාන සංචාරකයන් ඉන් පිටත් කර හැරීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් මහතා සමඟ චීන ජනපති ෂී ජින්පින් මහතා අඟහරුවාදා කළ සාකච්ඡාවකදී නව කොරෝනා වෛරසය ‘රාක්ෂයකු’ බව පවසා තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් හැකි ඉක්මණින් චීනය වෙත පිටත්කර හැරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

(ඒඑෆ්පී ඇසුරිනි)

Related posts

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin