Business

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල සඳුදා (09) සිට අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කිලෝ ග්‍රෑම් එකක බරින් යුතු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින්ද ග්‍රෑම් 400 බරින් යුත් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15කින්ද අඩු කිරීමට තීරණය වී තිබේ.

රජය විසින් වැඩ් බද්ද සියයට 8 දක්වා පහත දැමීම හේතුවෙන් මෙලෙස මිල අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. හෙට 09 සිට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන කිරිපිටි සඳහා මෙම මිල ක්‍රියාත්මක බව අධිකාරිය කියා සිටියි. දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි පැකට්ටුවේ ඇති මිලටම අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Related posts

රුපියල තවත් පහළට

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

ජාතික උද්ධමනය 33.8% යි. ආහාර උද්ධමනය 44% යි

colombotoday

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

colombotoday

ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයි

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday