Colombo Today Local NewsHot News

“කොටින්ට පොදු සමා දෙනවා නම් අපිටත් ඕනා…” දුම්බර – වැලිකඩ සිරකරුවෝ උපවාසයේ

welikadaත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරත වූ එල්ටීටීඊ සිරකරුවන්ට නිදහසක්‌ ලබා දෙන්නේ නම් තමන්ටද දඬුවම් ලිහිල් කර පොදු සමාවක්‌ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ රැඳවියන් උපවාසයක්‌ ආරම්භ කර තිබේ.

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්‌ඩුනය නියම වූ රැඳවියන් සියදෙනකු පෙරේදා (07 වැනිදා) සිට ආහාර වර්ජනය කරමින් මෙසේ උපවාසයේ නිරතව සිටින අතර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ රැඳවියන් දසදෙනකු පමණ ඊයේ (08 වැනිදා) සවස සිට වහළයක්‌ මත නැගී උපවාසය අරඹා තිබිණි. දුම්බර බන්ධනාගාරයේ උපවාසකරුවන් පස්‌ දෙනකු ඊයේ රෝහල්ගත කර තිබිණි.

මේ වන විට මෙරට බන්ධනාගාරවල මරණීය දණ්‌ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ රැඳවියන් දෙදහසකටත් අධික ප්‍රමාණයක්‌ රඳවා සිටින අතර ඔවුනට බන්ධනාගාර පනතේ 40 (1) වගන්තිය යටතේ සමාවක්‌ ලැබෙන ක්‍රමවේදයක්‌ තිබුණද එය කාලයක සිටම අත්හිටුවා ඇත.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමග මෙසේ සිරකරුවන්ට බන්ධනාගාර පනත ප්‍රකාරව ලැබීමට නියමිත සමා ක්‍රමය එවකට බලධාරින් විසින් නතර කරනු ලැබිණි.

මරණ දඬුවම සහ ජීවිතාන්ත සිර දඬුවම් නියමවී මෙසේ බන්ධනාගාරගත කර සිටින රැඳවියන් අතරින් දරුණු ගණයේ පාතාල මැරයන් සිටිනුයේ අතලොස්‌සක්‌ වන අතර සෙසු පුද්ගලයන් ක්‍ෂණිකව ඇතිවූ කෝපය මත මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිමි විය යුතු සමා ක්‍රමය අක්‍රීය නිසා තමන්ට සහනයක්‌ ලැබෙන ක්‍රමවේදයක්‌ සකසන ලෙස ඉල්ලා මරණීය දණ්‌ඩනය සහ ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ බන්ධනාගාරගත රැඳවියෝ මීට පෙර අවස්‌ථා ගණනාවකදීම උපවාස සහ විරොAධතාවල නිරත වූහ.

එල්ටීටීඊ සිරකරුවන් තිස්‌ දෙදෙනකුට අද (09 වැනිදා) නිදහස ලබා දීමට රජය ගෙන තිබෙන තීරණයත් සමග කලකිරීමට පත් මෙම රැඳවියන් මෙසේ උපවාසයක්‌ ආරම්භ කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රට වැනසූ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කිරීමට රජය කටයුතු කරන්නේ නම් තමන් පිළිබඳවද බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව උපවාසයේ නිරත සිරකරුවන් පවසන බවද වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැගී රැඳවියෝ ඊයේ (8 වැනිදා) රාත්‍රි 7.00 පමණ වන විටත් විරෝධතා දක්‌වමින් එහිම රැඳී සිටි අතර දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් ආරම්භ කළ උපවාසය ඊයේ දිනය පුරාත් අඛණ්‌ඩව ක්‍රියාත්මක විය.

Related posts

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

සජබ කුරුණෑගල තරුණ සංවිධායක හෙරොයින් සමඟ අත්අඩංගුවට

Admin

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday