විධායක බලය භාවිතාකර විජේදාස රාජපක්ෂ, වජිර අබේවර්ධන, තිලක් මාරපන යන ඇමතිවරුන් ඉවත්කිරීමට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම්වන බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරනවා.
ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් සිද්දිය මෙම තීරණයට බලපා ඇති බවයි වාර්තාවන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය තවමත් අපැහැදිලි තත්වයක පවතින අතර දුර්වල ඇවන්ගාඩ් නඩුව මුල් කරගන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් තිබු බව විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍යට අනාවරණය කළා.
මෙම ඇමතිවරු ඉවත්කලහොත් බොහෝ දේශපාලන රහස් ඉදිරියේදී මාධ්‍යයට අනාවරණය වීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.