Colombo Today Local News

දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

යාපනයේ අර්ධද්වීපයේ පිහිටි ඉඩම්වලින් තවදුරටත් ආරක්ෂක හමුදා සතුව ඇත්තේ සියයට එකක ඉඩම් ප්‍රමාණයක් බව වාර්තා වේ.

මුළු අර්ධද්වීපයේ අක්කර විසි පන්දහස් තුන්සිය අසූ එකක් (25381) පිහිටි අතර ඉන් අක්කර දෙදහස් හයසිය පනස් පහක (2655) යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදා කඳවුරු පිහිටුවා ඇත.

ඉන්ද පලාලි ගුවන් තොටුපොළට අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් නතුවී ඇති අතර එය සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතට පත් කිරීමට නියමිතය.

ඉඩම් නිදහස් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ආරක්ෂක අංශ භාවිත කරනුයේ සියයට 1%ක් බැවින් එම ප්‍රමාණය ලබාදිය නොහැකි බව ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් 2009 වර්ෂය වන විට අක්කර විසිපන්දහස් දෙසිය තුනක් ආරක්ෂක අංශ සතුව පැවැති අතර ඉන් අක්කර විසිදෙදහස් තුන්සිය පනස් නවයක් (22359) මේ වනවිට නිදහස් කර ඇත.

Related posts

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday

ඇමතිකම රැකගන්න රවී නාහිමිවරුන්ට පූජා කල සුපිරි බඩු මෙන්න (PHOTO)

colombotoday

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday