Colombo Today Local News

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී (20දා) පැවසීය.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට සභාවේ එකඟතාවය ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්  අධිකරණය හමුවට යාම හේතුවෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නෛතික ගැටලු පැන නැගී තිබෙන බැවින් මෙම තීරණය ගත් බවද සභානායකවරයා සඳහන් කළේය.

ඉඩම් ඔප්පු නැති ජනතාව ලක්ෂ 25කට ඔප්පු ලබාදීම සඳහා මෙම පනත මගින් ආණ්ඩු පක්ෂය සැලසුම් කර තිබුණද විපක්ෂය අධිකරණයට ගොස් එම අවස්ථාව අහිමි කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

‍මෙම පනත හරහා ලංකාවේ ජනතාව සතු ඉඩම් විදේශීය බහුජාතික සමාගම්වලට අත්පත් කරගැනීම සදහා මග පාදන බවට චෝදනා එල්ල විය.

Related posts

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

පාතාල සල්ලිවලින් දරුවන් පෝෂණය කරන්න එපා. ආරක්ෂක ලේකම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලයි

colombotoday

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

Admin

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday