Colombo Today Local News

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා නුවරඑලිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුවෙකු ගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සැකකරුවන් දෙදෙනෙක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරුවා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගෙලිඔය පදිංචි මොහමඩ් මන්සුර් සෙයිපුල්ලාහ් යන අය සහාරන් පැවැත්වූ නුවරඑලිය කඳවුරට සහභාගි වී ඇති අතර අබු සහිඩ් යන අනුවර්ථ නාමය ඔහුට දි තිබේ.

මාවනැල්ල වල්පොලදෙණිය පදිංචි මුස්තාක් අලි අම්හර් අනෙක් සැකකරුවන අතර ඔහු හම්බන්තොට පුහුණු කඳවුරට සහාභාගි වි තිබේ.අබු හින්ද් යන අනුවර්ත නාමය ඔහුට ලබාදි තිබේ.

තානගම මාවනැල්ල පදිංචි මොහම්මදු තාහීර් හිදයතුල්ලා අනෙක් සැකකරු වන අතර සහාරාන් විසින් පැවැත්වු නුවරඑලිය පුහුණු කඳවුරට සහාභාගි වි ඇති අතර ඔහු  ඔලුවිල් අග්නිදිග විශ්ව විදයාලයේ අරාබි පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙක් බව ආරක්ෂක අංශවලට පවසා තිබේ.

පසුගිය දින කීපය තුළ සහාරන්ගේ ක්‍රියාවන්වලට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබේ.ඉන් දෙදෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් බවද වාර්තා වේ.

Related posts

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව සජීවී විකාශය – නාඋල මහජන ක්‍රීඩාංගනයේ සිට

colombotoday

FCID වහන්නලු.. මෙහෙම ගියොත් අධිකරණයත් වහන්න කියයි – බුද්ධික පතිරණ

colombotoday

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

Admin

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday