Colombo Today Local News

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ආණ්ඩුව මෙතෙක් ගෙවූ සියලූ ගෙවීම් නීති විරෝධියි – ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු කියයි

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නොමැති නිසා, මේ දක්වා එම රෝහල සඳහා ආණ්ඩුව විසින් ගෙවා ඇති සියලූම ගෙවීම් නීති විරෝධී බව, ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා පැවැසීය.

වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ සිදුවී ඇති වංචා දුෂණ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව ඊයේ (24දා) දින එහි සභාපති උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ රැුස්වූ අතර, එම කොමිසමට නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විභාගය එහිදී වැඩිදුරටත් සිදුවිය. එහිදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල් මූල්‍ය සහ ගිණුම්කරණ පිළිබඳ සාමාන්‍යාධිකාරී හේමන්ත ස්වර්ණතිලක මහතා විසින් සාක්‍ෂි ලබාදෙන ලදී.

එහිදී සාක්‍ෂි ලබාදුන් හේමන්ත ස්වර්ණතිලක මහතා,

ප‍්‍රකාශ කර සිටියේ ආණ්ඩුව විසින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් සඳහා 2017 වර්ෂයේදී මිලි.130 ක්ද, 2018 වර්ෂයේදී මිලි.496 ක්ද, 2019 වර්ෂයට මේ දක්වා මිලි.182 ක්ද ලබාදී ඇති බවයි. 2019 වර්ෂය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ මුළු වර්ෂය සඳහා රුපියල් මිලියන 360 ක් ලබාදී ඇති බවයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ස්වර්ණතිලක මහතා ප‍්‍රකාශ කර සිටියේ නෙවිල් ප‍්‍රනාන්දු මහතා විසින් ලබාගෙන ඇති බිලියන 2.5 ක්වූ ණය මුදල ගෙවීම සඳහා ආණ්ඩුව විසින් මුදල් ලබාදී නොමැති බවත්, ආණ්ඩුව විසින් කරන ලද වියදම් සඳහා වවුචර් ලබාදී ඇති බවත්ය.

ආණ්ඩුව විසින් ලබාදී ඇති මුදල් සඳහා වවුචර් ලබාදීම පිළිබඳ අදහස් දැක්වූ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ප‍්‍රකාශ කර සිටියේ, ඒ සඳහා වවුචර් ලබාදීම නීති විරෝධී වන බවත්, ආණ්ඩුවට අවශ්‍ය නම් රෝහල පිහිටි ඉඩම සහ ගොඩනැඟිලි පවරා ගත හැකි බවත්ය.

Related posts

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

colombotoday

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday