Colombo Today Local NewsHot NewsUncategorized

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

මීට කලකට පෙර  ලංකාවට පැමිණීම තහනම් කර තිබූ භයානක ඉස්ලාමීය අන්තවාදියෙකු රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වීමේ සූදානමක් ගැන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි හෙළිදරව් කර සිටිනවා. තමිල්ණාඩුව කෙන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන තව්හීද් ජමාත් නමින් හැදින්වෙන අන්තවාදී සංවිධානයේ ප්‍රධානියා වන ජයිනුල් ආබ්දීන් නමැත්තා මෙසේ ලංකාවට ගෙන්වීමට සූදානම් වන බවයි ඔහු පවසන්නේ.

sltj
ලංකාවට ගෙන්වීමට සූදානම් වනවායි කියන තව්හීද් ජමාත් අන්තවාදී කල්ලියේ ප්‍රධානී ජයිනුල් ආබ්දීන් සහ එහි ලංකාවේ ප්‍රධානී අබ්දුල් රාසික්දීන් නමැත්තා

මෙම පුද්ගලයා 2005 දී මෙරටට පැමිණීමට සූදානම් වෙද්දී මුස්ලිම් ප්‍රජාව මැදිහත් වී ඔහුව රටින් පන්නා දැමූ බවත් වත්මන් යහපාලන ආණ්ඩුවේ අනුමැතිය ඇතිව ඔහු නැවත වරක් රටට ගෙන්වීමට සූදානම්වන බවත් ලබන 8 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී එම පුද්ගලයාගේ දේශනයක් පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු දැනටමත් සූදානම්ව ඇති බවත් එයට මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබෙන බවත් අසාද් සාලි වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

බුදුන් වහන්සේ මනී මස් වැළදුවායැයි අපහාස කළේද මෙම තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානයේ ලංකාවේ ප්‍රධානියායි. ලංකාව පුරා සාම්ප්‍රධායික ඉස්ලාමීය ඇදහිලිවලට බාධා කරමින් මුස්ලිම් ප්‍රජාව තුළද සහජීවනයට බාධා කරමින් මෙම සංවිධානය කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර බරපතල ඉස්ලාමීය මූලධර්මවාදි සංවිධානයක් ලෙස හදුනාගෙන ඇති බැවින් බංග්ලාදේශය තුළද මෙම අන්තවාදී කල්ලිය තහනම් කර තිබෙනවා. තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය ලංකාව තුළ මෙහෙයවන්නේ රිෂාද් බදියුද්දීන් ඇමතිවරයා බවද ප්‍රකට කරුණක්.

මෙම අන්තගාමී සංවිධානය පිළිබදව රාජ්‍ය බුද්ධි අංශ මගින් රජයේ ප්‍රධානීන්ට දන්වා තිබෙන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පුද්ගලිකව දැනුවත් කිරීමට ද තමන් කටයුතු කළ බව අසාද් සාලි ප්‍රකාශ කරනවා. යම් හෙයකින් මෙම අන්තවාදී කල්ලි නායකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දි රට තුළ යම් ප්‍රශ්නයක් ගොඩනැගුණොත් ඊට රනිල් වික්‍රමසිංහ රජය වගකිව යුතු බවටද ඔහු අවධාරණය කරනවා.

Related posts

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

ජවිපෙ නායක අනුර දිසානයකගේ පුතුට රාවතාවත්ත පල්ලියේදී මංගල සීනු හැඩවෙයි (Photo)

colombotoday