29 C
Colombo
16 April 2025
Colombo Today Local NewsExclusive :

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද, එතුමා නිතිපතා ධර්මය දේශනා කරන්නේය. තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් හා පැහැර ගැනීම් අවසානයේ දිවි ගලවාගෙන නමුත් තවමත් ඔවුන්ගේ බලවත්ම විවේචකයා වී සිටි යහියා මවුලවීතුමා කිසිවකුගේත් ආරක්ෂාවක් නැතිව හුදකලාව දිවි ගෙවමින් මෙසේ කියන්නේය. මගේ ආරක්ෂාවට අල්ලාගෙ හෙවත් දෙවියන්ගේ මිත්‍රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගේවත් ආරක්ෂාවක් ඕන නෑ.

මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබීතුමාවත්, කුරාණනයවත් අපට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හයදෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගේ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවෙ, කාගේ කවුද, කොයි කෙනාද කියලා සොයා ගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගේ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගේ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ අැඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්.

මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුණේ නෑ. මේ ඔක්කෝම වහාබ් වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නේ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නේ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නේ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?


මුහුණේ වම් පස පෙනෙන්නේ කැපුම් පාරයි

මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් තිස්සෙ වධදීලා කිව්ව කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්තුවා. ඊළඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවේ ඒ මිනිහගෙ කට කපන්න ද කියලා. සෞදි පොලිසියත් උන්ගේ පැත්තේ. ලංකාවෙ දි මාව පැහැර ගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා. ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා. එතුමන්ලා පරීක්ෂණ කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුණාට මට නිශ්ශබ්ද වෙන්න බෑ.

දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත් වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි, වහාබ්වාදයයි ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහි සල්ලිවලට රොක් වෙනවා.

ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහ කොළක්ම දෙවියන් මැව්වෙ. ඉතින් ඒ හැම දේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත්විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.

මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුළුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්නුවා. නමුත් මුස්ලිම් අැමැතිවරු වැඩි දෙනෙක් මේ වහාබ් වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් වගේ ඇමැතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිණිලි කළාට කිසිම දෙයක් වෙන්නේ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

මේව එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කණ්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.

අරුණ.lk

Related posts

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

අන්තවාදීන් බිහිකරන මද්‍රසා නීතිගත කරන්න එපා. ඉස්ලාම් අධ්‍යාපන ක්‍රමයට බොදු බලෙන් යෝජනාවලියක්

colombotoday

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

colombotoday