Colombo Today Local News

ගිනිඅවි සමඟ මුස්ලිම් ජාතික මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට

ගිනි අවි දෙකක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අද (26) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මස්සිනාලා බව පොලිසිය හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් නෙල්ලියගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෝ වෙති.

සැකකරුවෝ වයස අවුරුදු 35 – 40 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

ග්‍රීස් ගල්වා සකස් කරන ලද බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක්, පීවීසී බට දෙකක ඇසුරුම් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී එම ගිනි අවි සඳහා යොදන ජීව පතොරොම් 42ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

colombotoday

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday