Colombo Today Local News

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි තත්ත්වය යළිත් ලබාගැනීම වෙනුවෙන් වසර 7/8ක සැලැස්මක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේදි ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබූයේ පාලකයන් නිසා නොව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් නිසා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

විපක්ෂය ගොන් කරත්තයෙන් එද්දී ආණ්ඩු පක්ෂයෙන් කොස්කොල මල් මාලා – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කාලගෝට්ටියක්

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday