Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එරෙහිව නිකුත් කර තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කර තිබෙනවා. 

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අධිකරණ විභාගයකින් තොරව අදාළ වරෙන්තුව අවලංගු කර ඇතැයි සඳහන්. 

එම නඩු විභාගය පැවැත්වීම සඳහා නියමිතව සිටි විනිශ්චයකාර හෙමා ආර්බට්නොට් ඒ පිළිබඳව විමතිය පළ කර ඇති බවයි ද ගාර්ඩියන් මාධ්‍ය ජාලය වාර්තා කළේ. 

ශ්‍රී ලාංකීක ද්‍රවිඩ ජාතිකයින් පිරිසක් බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සිදුකළ විරෝධතාවයකදී ඔවුන් වෙත අභිනයෙන් සිදුකළ තර්ජනයක් සම්බන්ධයෙන් පැවරු නඩුවකට අදාළවයි මෙම වරෙන්තුව නිකුත් කර තිබුණේ. බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයන් වෙත අභිනයෙන් ජිවිත තර්ජන සිදුකරමින් මානව අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

Related posts

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday