Colombo Today Local News

ඤාණසාර හිමියන් දෙමළ හින්දු ජනතාව වෙනුවෙනුත් පෙනී සිටියා.. උන්වහන්සේව නිදහස් කරන්න – වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්ගෙන් ජනපතිට ආයාචනයක්…

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන්නැයි අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා ජානාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතාගෙන් ඉල්ලා සිටී.

“ගරු ජනාධිපතිතුමාගෙන් බොහොම අවංකව කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. පුලුවන්නම් අපේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න. ඔබතුමා සියලු බලතල තිබෙන ජනාධිපතිවරයෙක්. ඔබතුමාට ඒක කරන්න පුළුවන්.”

“හාමුදුරුවෝ කරපු ලොකු වරදක් නෑ. උන්වහන්සේ මේ රට වෙනුවෙන් සිංහලයන් වෙනුවෙන් වගේම දෙමල ජනතාව වෙනුවෙනුත් සුළු ජාතිය වෙනුවෙනුත් සටන් කරපු කෙනෙක්. යාපනයේ, කොටහේන, වැල්ලවත්ත ප්‍රදේශවල හිංදු භක්තිකයන්ට ප්‍රශ්න එනකොට උන්වහන්සේ ගිහින් සටන් කරලා බේරාගෙන තිබෙනවා. මම උන්වහන්සේගේ යහළුවෙකුවත් පුද්ගලික හිතවතෙකුත් නෙවෙයි. නමුත් උන්වහන්සේට සාධාරණයක් ඉටුවිය යුතුයි. උන්වහන්සේ මිනී මරලා ලොකු වරදක් කරලා නෑනේ. උන්වහන්සේ කෑගහලා තියෙන්නේ රට වෙනුවෙන්. ඒ නිසා අවුරුදු 6ක් හිරේ දාන එකනම් බොහොම අසාධාරණ දෙයක්.”

“මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්, ඔබතුමා ජනාධිපති කරන්න සෑහෙන්න මහන්සියක් ගත්ත පක්ෂයක් අපේ අරුනලු ජනතා පෙරමුණ. නුවර එලිය දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්න අපේ පක්ෂය හේතුවක් වෙලා තිබ්බා. අපි ඔබතුමාගෙන් වෙන දෙයක් ඉල්ලන්නේ නෑ. පුලුවන්නම් ගරු ජනාධිපතිතුමනි අපේ ඥානසාර හාමුදුරුවෝ අපිට නිදහස් කරලා දෙන්න. උන්වහන්සේ මේ රටේ ඉන්න ඕනි කෙනෙක්. සමහරවිට උන්වහන්සේ සැරට කියන්න ඇති. ඒක වරදක් ලෙස අපි දකින්නේ නෑ.”

“දෙමල හිංදු භක්තිකයෝ පවා කියනවා, මඩකලපුවේ හිංදු ජනතාව වෙනුවෙන් පිළිරුවක් විවෘත කරගන්න බැරුව ඉද්දි ඥානසාර හාමුදුරුවෝ මැදිහත්වෙලා ඒක ජනතාවට ලබා දීලා තිබෙනවා. යාපනේ ජනතාව පවා උන්වහන්සේ පිළිබඳව වැරදි අවබෝධයක් නෑ. උන්වහන්සේ හරියි කියලා කියනවා.”

“මම බොහොම ගෞරවයෙන් දෙමල දේශපාලන පක්ෂයක් වශයෙන් ජනාධිපතිතුමාගෙනුත් වගකිවයුතු නිලධාරින්ගෙනුත් ඉල්ලා සිටිනවා පොදු සමාවක් යටතේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා. රට වෙනුවෙන් කතා කරන්න කවුරුන් හෝ කෙනෙක් සිටිය යුතුයිනේ. නිදහස් දවසට හෝ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කටයුතු කරන්න. ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබෙන්න මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පුලුවන්නම් මේ උදවුව අපිට කරලා දෙන්න.”

Related posts

රුපියල තවත් බාල්දු වෙයි

Admin

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

colombotoday

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday