Colombo Today Local News

දිවුරුම් ප්‍රකාශ 113ක් සමග එජාපය ජනපති හමුවෙන්න සූදානම්

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්ව කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වීමට හෙට (19) දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

අවශ්‍ය නම් 113 දෙනකුට අධික මන්ත්‍රීවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවිය හැකි බව මන්ත්‍රීවරයා කීවේය.

අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ රාත්‍රී කොළඹ අරලිගයහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

‘‘අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. පසුගිය 14 වැනි දා සහ 16 වැනි දා විශ්වාසභංගය සාර්ථකව ස්ථිර වුණා. ඒ බව අපි ජනාධිපතිට දැනුම් දුන්නා. කතානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරන්න ස්ථාවර නියෝග 76.1 අනුව විධායකයට හෝ  අධිකරණයට බෑ. ඒ ගැන සලකාබැලීමක් කරනවා නම් පාර්ලිමේන්තුවේදීම මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගත යුතුයි. නමුත් එසේ කරන්න ඔවුන්ට මන්ත්‍රීවරුන් නෑ. අපි මේ බව ජනාධිපතිට දැනුම් දුන්නා.

එතනදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා යෝජනාවක් කළා හැකි නම් අපිට 113 දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන්න කියලා. අපි කිව්වා හෙට උදේ 10 වෙද්දි මන්ත්‍රීවරුන් 113කට වැඩි ප්‍රමාණයක් සමග දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්න අපි ලෑස්තියි කියලා. නමුත් ජනාධිපතිවරයා ඊට ඔළුව වැනුවේ නෑ. අපි ලෑස්තියි උදේම ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න. ජනාධිපතිවරයාගෙන් ඊට අවස්ථාවක් ලැබෙයි කියා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. විධායකයට බෑ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට ඇඟිලි ගහන්න. ‘‘ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීවේය.

Related posts

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

colombotoday

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday