Colombo Today Local NewsHot News

මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?

ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩ වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා.

එම වාර්ථාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් එම් කොමිෂන් සභාවේ සභාපති මැක්වෙල් පරණගම මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වෙනවා.

01.මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව තහවුරු කරගත් සිද්ධීන් මොනවා ද?

යුද්ධය අවසන් කාලේ 40000ක් මිය ගියා කියලා ධනුෂ්මාන් වාර්තාවේ තියෙනවා එක අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපිට වාර්තා වී ඇති ආකාරයට ඊට අඩු ගණනක් 7000ක් පමණ තමා මිය ගිහින් තියෙන්නේ. කොහොම වුනත් අපිටත් නිශ්චිතවම කියන්න බෑ කොපමණ මිය ගියාද කියලා.

යුද්ධය සිදුවූ අවස්ථාවේ මානව හිමිකම් නීති උල්ලංඝණය වූ අවස්ථාවන් හුඟාක් වාර්තා වුනා. යුධ හමුදාව විසින් සිවිල් වැසියන්ට ආරක්‍ෂිත කලාපයක් බිහි කළා එම ප්‍රදේශයටද සිවිල් වැසියන් සමඟ එල්.ටි.ටි.යි එකෙ සටන්කාමින් සිවිල් ඇඳුම් ඇඳගෙන යුධ හමුදාවට වෙඩි තිබ්බා. එම අවස්ථාවේ වෙඩි හුවමාරුවෙන් සිවිල් වැසියන් ගොඩක් මිය ගියා.

02.කෙසේ වෙතත්, චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටයේ අඩංගු කරුණු තහවුරු වී ඇති බව කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් බී.බී.සී. සංදේශය සහ බී.බී.සී. ලෝක සේවය අද වාර්තා කර තිබුණා. මෙහි පදනම කුමක්ද?

ඒ අර්ථකතනය සම්පුර්ණයෙන්ම වැරදි. අපි කියලා තියෙන්නේ ඒවා බරපතල චෝදනා ඒවා යම් යම් කරුණු වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ගැඹුරින් විමර්ශනය කරන්න අපි තීරණය කළා.

03.කොමිෂන් සභා වාර්තාවේ අවසන් නිර්දේශය කුමක් ද?

වැරදි කරලා තියෙනවා නම් ඒවා විමර්ශනය කර දඬුවම් කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා.

මෙම සංවාදයේ වැඩි විස්තර පහත විඩීයෝවෙන් නරඹන්න

https://www.youtube.com/watch?v=TtdiqnXX4CQ

Related posts

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday