Colombo Today Local News

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත.

තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක හා කොත්තුවක මිල පමණක් ඉහළ දමන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළද මේ වන විට පිටි ආශ්‍රිත සෑම ආහාරයකට මිල රුපියල් 5 කින්ම ඉහළ දමා ඇතැයි ආපනශාල හිමියන්ගේ සංගමය ද පිළිගනී.

පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සිටින පාරිභෝගික අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

Related posts

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

colombotoday

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin