යහපාලන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන වංචා දූෂණ අක්රමිකතා සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිතිවරයාගේත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේත් අධීක්ෂණය යටතේ එම කමිටුව පත් කෙරෙනු ඇත. මේ අතර ජනාධිපතිවරයා පසුගිය දිනෙක අවධාරණය කර සිටියේ යම් මැති ඇමැතිවරයකුට එරෙහිව යම් දූෂණ අක්රමිකතා චෝදනාවක් එල්ල වුවහොත් තරාතිරම නොබලා ඒ පිළිබඳව දැඩි ක්රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය.