Colombo Today Local NewsHot News

විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලා

මහත් ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම මගින් රටට අහිමි වූ රු.මිලියන 880ක් පිළිබඳව විමසා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අමාත්‍ය කබීර් හෂීම් වෙත ලිපියක් යවා තිබේ.

කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිටියදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු රු.මිලියන 880ක් පර්පචුවල් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්දයෙන් අදාල අමාත්‍යවරයාට ඇති සම්බන්දය විමසමින් ගුණරත්න මහතා මෙම ලිපිය යොමු කිරීමට කටයුතු සිදුකොට තිබේ.

මීට අමතරව එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ක්‍රියා කල ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය එම තනතුරින් කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් එවකට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහගේ විරෝධය නොතකා ඉන් ඉවත්කොට ඇතැයිද මෙම ලිපිය මගින් ගුණරත්න මහතා අවධාරණය කොට තිබේ.තවද 1970 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 91 වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ක්‍රියාකොට ඇති බවද ගුණරත්න මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.තවද 2015.03.17 අදාල බැඳුම්කර ආයෝජනය සඳහා වන ගැසට් පත්‍රය පල කලේද කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී බවද වැඩි දුරටත් මෛත්‍රී ගුණරත්න මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ,

පහතින් දක්වා ඇත්තේ අදාල ලිපියයි.

 

Related posts

සිංහල බෞද්ධයා රැකුණොත් මේ රටේ සෙසු ආගම්වලත් ආගමික නිදහස රැකෙයි – අගමැති

colombotoday

වරාය, ගුවන්තොට විකිණීමට එරෙහිවූ අයට කදුළු ගෑස්, ජල ප්‍රහාර.. හම්බන්තොට උණුසුම් තත්ත්වයක් !

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

colombotoday

බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් නෑ – හමුදාපති

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin