Colombo Today Local News

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

වර්තමානයේ පාසල්වල ආගමික අධ්‍යාපනය පිිරිහී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

එතුමන් මේ බව සඳහන් කළේ හංවැල්ල ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය තුළ ආගමික අධ්‍යාපනයක් ලබානොදී දරුවන්ව අනාගමික පරිසරයකට ගෙනගොස් ඇති බවයි.   ආගමික විනය පාසල්වලින් බැහැර කර දේශපාලනික විනය පාසල්තුළට ඇතුළු කර ඇති බවටද සඳහන් කළේය.

කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු හරහා මෙම ක්‍රියාවලිය සිදුව ඇති බවයි අගරදගුරුතුමන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අද ශ්‍රී ලංකාවේ දඩබ්බර සමාජයක් නිර්මාණය වී ඇති බවද පවසූ එතුමෝ මෙය වෙනස් කළ හැක්කේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මනා පසුවිපරමක් සිදු කිරීමෙන් බවද සඳහන් කළේය.

Related posts

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

අලුත් වාහන ගන්නේ බලාගෙනයි.. අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන මෙරට වෙළදපොළට !!

colombotoday

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin