Colombo Today Local News

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට 08 වැනි වරටත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්ව තිබේ.

මීට අමතරව ලේකම් ධුරයට වෛද්‍ය හරිත අලුත්ගේ මහතාත්, මාධ්‍ය ප්‍රකාශක ධුරයට වෛද්‍ය සමන්ත ආනන්ද මහතාත්, භාණ්ඩාගාරි ධුරයට වෛද්‍ය නාත් විජේසූරිය මහතාත් තේරී පත්ව ඇත.

සංස්කාරක ලෙස වෛද්‍ය නලින්ද හේරත් මහතා තේරී පත්ව තිබෙන අතර, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත්ව තිබේ.

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

Related posts

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !

colombotoday

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday