Colombo Today Local News

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම අත්අඩංගුවට ගත් අතර, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද දහවල් නියෝග කළේ රෝහලට පැමිණීමෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර රාජ්‍ය දේපලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් කැබ් රථය පෙරේදා අලූයම අනතුරට ලක්වුණා.

Related posts

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලා

Admin

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday