Colombo Today Local News

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 500 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස් රථ 400 ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීමට ආසන 32-35 නව බස් රථ 100 ක් මෙහිදී මිලදී ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරාලීම සඳහා බස් රථ 7257 ක් අවශ්‍ය වුවද බස් රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයේ යොදවා ඇත්තේ බස් රථ 6000 ක් පමණි. මීට විසඳුමක් ලෙස මෙම බස් රථ 500 මිලදී ගැනීම සඳහා අදාළ යෝජනාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday