Colombo Today Local News

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

මහ බැංකුවේ සල්ලි ගත්තද නැත්ද කියන එක ගැන කරපු චෝදනාවට කබීර් හෂීම් මහත්තයා කෙළින් උත්තරයක් නොදෙන බවත්, මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ ආයතනයකින් මුදල් හෝ චෙක්පත් ලබාගත්තේ නැහැයි කියලා පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස අභියෝග කරන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රි ගුණරත්න කියයි.

‍ෙදාඩංදුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කෙළේ පසුගියදා ඇමැති කබීර් හෂීම් මහතා කළ පිළිතුරු ප්‍රකාශයට යළි අභියෝග කරමිනි.

එහිදී අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය: එතුමා කියන්නේ එතුමගේ තාත්තට සල්ලි තිබුණා. පවුලේ උදවියට සල්ලි තිබුණා කියලා. අපි කියන්නේ ඔබතුමා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ කොම්පැනිවලින් මුදල් ලබා ගත්තේ නැහැයි කියලා. අපි පැහැදිලිවම අභියෝග කරනවා එතුමාට ඒ දිවුරුම් ප්‍රකාශය දෙන්න බැහැ.
දැන් එතුමා කියනවා මම වෙනම පක්‍ෂයක් පිහිටුවාගෙන තරහින් කතා කරනවා කියලා.

මම වෙනම පක්‍ෂයක් පිහිටෙව්වේ නැහැ. අපි යූ.එන්.පී. එකේ ඉන්නකොට යූ.එන්.පී. එක වැරැදි මාර්ගයේ යනකොට අපි කිව්වා පක්‍ෂය කනත්තට වළදාන්න යන්න දෙන්න එපා.

එහෙම දෙන්න බැහැ කියලා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයටත් ඔය යූ.එන්.පී. එකේ හිටපු හැම එක්කෙනාටම පෙන්නලා දුන්නා. ඒවට කැමැති වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් ඒකේ ඇතුළේ නැහැ. මට ඒකේ මහ ලේකම්කම දුන්නා නම් පක්‍ෂය දිනවලා පෙන්වනවා. අපි අලුත් පක්‍ෂයක් පිහිටුවලා මාස 2ක් ඇතුළත මන්ත්‍රිවරු 21ක් ගත්තා. අපි අපේක්‍ෂකයන් දැම්මේ ප්‍රාදේශීය සභා 66කට විතරයි. යූ.එන්.පී.ය මට දෙනවා නම් අර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 77දී බලය ගත්තා වගේ බලය අරගෙන පෙන්වනවා. හයෙන් පහක බලය ගන්න පුළුවන් ශක්තියක් ඔය පක්‍ෂයේ තියෙන්නේ. කබීර් හෂීම්ලා මොකක්ද කළේ. එයා මහ ලේකම් වුණාට පස්සේ යූ.එන්.පී. එක අන්ත පරාජයට පත්වුණා.

අද අපි කබීර් හෂීම්ට, නලීන් බණ්ඩාරට, අජිත් පෙරේරලාට කියනවා පර්පචුවල් සමාගමෙන් හෝ ඒකේ අනුබද්ධ ආයතනයකින් මුදල් හරි චෙක්පත් ලබාගත්තේ නැහැයි කියලා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියලා. අන්න ඒක ජනතාවට කියන්න.

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday