Colombo Today Local News

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

අම්පාර  දිස්ත්‍රික්කයේ  ආලයඩිවෙම්බු  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක පමණ භුමියක් නීති විරෝධි ලෙස අල්ලා ගෙන  පස් පුරවා ගොඩකරන බව ආලයඩිවෙම්බු  ප්‍රාදේශිය සභාවේ සභාපති කේ පෙරිම්බරාජා මහතා පැවසීය.

අක්කරපත්තුව පොතුවිල් මාර්ගය අසල මෙම කලපුව පිහිටා ඇති අතර ලංකාවේ දෙවැනි විශාලතම කලපුව මෙය බවද  සභාපතිවරයා පවසයි.

මෙම කලපුවේ වට ප්‍රමාණය කිලෝමිටර් 33ක්  පැවැති අතර දැනට මෙම කලපුවේ වට ප්‍රමාණය කිලෙමිටර් 21 දක්වා අඩුවි ඇති බවද සභාපතිවරයා පැවසිය.

සමහර පුද්ගලයින් මෙම ඉඩම් වලට නිතිවිරෝධිව බලපත්‍ර හදාගෙන ඇති අතර මේ නිසා කලපුව ගොඩවිමේ අවධානමක් පවතින අතර කලපුව අඩුවිම නිසා ධිවර කර්මාන්තයේ යෙදෙන අයට ජීවත් විමේ අපහසුතාවයට පත්වෙන බවද කීය.

මෙයට අමතරව වැසි දිනවලට අවට ගම්මාන වල නිවාස ජලයෙන් යටවෙන නිසා ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්වන බවද සදහන් කළේය.

මේ පිළිබඳව ආලයඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම්වරයාට දැනුම් දි ඇතත් ඔහු  මේ පිළිබඳව නිසි පියවර නොගැනීම නිසා මෙම ඉඩම් අයිතිකරුවන් යැයි කියන පිරිස් නීති විරෝධි අයුරින් දිවා කාලයේ ද කලපුව ගොඩකරමින් සිටී

 

ආක්‍රමණය සිදුවන අවස්ථාවේදී අප සිදුකල වාර්තාව

 

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

Related posts

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin