Colombo Today Local News

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුල ඉලක්ක කරගෙන සිදුකරන මඩ ව්‍යාපාරය සඳහා අග්‍රමාත්‍ය කාර්යාලයේ සහය ලැබී ඇති බවට වාර්තා වෙනවා.

පසුගියදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දරුවන්ට අපහාස කර, සඳරුවන් සේනාධීර නැමැත්තා විසින් පවත්වාගෙන යන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සහ ඔවුන් විසින් පවත්වාගෙන යන Facebook පිටුවේ පළකර තිබූ පුවතක් පිලිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පවසා ඇති අතර ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ලංකාව තුල තහනම් කර ඇති බැවින් Facebook පිටුව අවහිර කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් Facebook ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වෙතත්, එම Facebook පිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන්නක් බැවින් ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම Facebook ආයතනයට ඉටුකල නොහැකි බව ආපසු දැන්වූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ පිලිබදව අප අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සිදුකල සොයාබැලීම්වලදී ඔවුන් සඳහන් කර සිටියේ, මෙය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් නිර්මාණය කිරීමට යහපාලන රජය පිහිටවූ දින සිට ක්‍රියාකරන ජනාධිපති කාර්යාලයේ නිලධාරියකුගේ අසත්‍ය ප්‍රචාරයක් බවයි.

Related posts

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ කැපවීම උපරිමයි… ගිය ආණ්ඩුවෙන් වගේ හිරේ දාන්නෙ නෑ – සරත් අමුණුගම

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday