Colombo Today Local NewsHot News

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින මහසොහොන් බලකාය නමැති සංවිධානයේ ප්‍රධානි ලෙස සැලකෙන අමිත් වීරසිංහටබන්ධනාගාරය තුලදී දරුණු ලෙස පහරදීමක් සිදුකර ඇති බව ඔහුගේ බිරිඳ Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා. ඊයේ (26) දින පහර කෑ අමිත් වීරසිංහ මේවනවිට අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ බන්ධනාගාරයේ ඖෂධ සංයෝජක ලෙස සේවය කරන ප්‍රේමජයන්ත නැමැත්තකුයි. උන රෝගය වැළදීම හේතුවෙන් අමිත් වීරසිංහ ඖෂධ ලබාගෙන ඇති අතර ඖෂධ ලබාගත් ස්ථානයේදීම එය පානය කරන ලෙස තර්ජනය කරමින් එම තැනැත්තා ඔහුට පහර දී ඇත. මේ පිලිබදව අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර අධිකාරී වෙත පැමිණිලි කර ඇති අතර ඒ පිලිබදව විමසීම සඳහා අමිත් වීරසිංහ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර අධිකාරී ඉදිරියේදීම යලිත් වතාවක් ප්‍රේමජයන්ත නැමැත්තා පහර දී ඇති බවයි අමිත් වීරසිංහගේ බිරිඳ අප සමග පවසා සිටියේ.

හඬපටය…

Related posts

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

මලික් – කබීර් බැදුම්කර කොමිසමට කැදවයි.. ජනපති හමුවෙයි.. අගමැතිගෙන් උපදෙස් ඉල්ලයි !

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

colombotoday