Colombo Today Local News

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉංජිනේරු අසේල උදයංග මහතාගේ රාජකාරියට බාධා කළ පොළොන්නරුව එජාප සංවිධායක සුජීව ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව අධිකරණය නියෝග කර තිබේ.

ඉංජිනේරුවරයාට පහර දීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු සිද්ධිය වූ දිනයේදීම පොළොන්නරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (15) දක්වා බන්ධනාගාරගත කර ඇත.

එනමුත් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුජීව ගුණතිලක අත්අඩංගුවට නොගැනීම නිසා පොළොන්නරුවේ වාරිමාර්ග කාර්යාලවල නිලධාරීන් ඇතුළු ගොවි සංවිධාන රැසක් විරෝධතාවක යෙදුණු අතර එයට සමගාමීව පෙරේදා (14) රටපුරා විරෝධතාවක්ද පැවැත්විණි.

මේ විරෝධතාකරුවන් පවසා සිටියේ ඉංජිනේරුවරයාට පහර දුන් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඒ අනුව පොලිසිය මඟින් ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනාම ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

පොල්පිතිගම සමූපකාර ඡන්දයෙන් ජවිපෙට දැවැන්ත ජයක්.. 2/3 ඉක්මවා 3/4ට ආසන්නයි..

Admin