Colombo Today Local News

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

අල කන්ටේනරයක සඟවා මීට වසර අටක ඉහත දී හෙරොයින් කිලෝ 8.25ක් ලංකාවට ගෙන ඒමේ දී අත්අඩංගුවට ගනු ලැබූ රයිඩ් මොහොමඩ් හෙවත් ජාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (11) මරණිය දණ්ඩනය නියම කළේය.

2010 වසරේ දී අල කන්ටේරනයක බහා අල ගෙඩි මෙන් පෙනන සේ ප්ලාස්ටික් වලින් අසුරණ ලද භාජන වල අසුරා මෙම හෙරොයින් තොගය ලංකාවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාගක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අදාළ හෙරොයින් තොගය සොයා ගෙන ඇත.

දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව කී විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඩුවම නියම කළේය.

Related posts

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday