Colombo Today Local News

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

මොන උපක්‍රමය යොදා බලු නගුට කෙළින් කිරීමට උත්සාහ කළත් එය නොහැකි සේ මෙම ආණ්‌ඩුවත් මොන ප්‍රතිසංස්‌කරණ තුළින්වත් කෙළින් කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ආණ්‌ඩුව තුළින් ඉවත්වූ අමාත්‍යවරු හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් ආණ්‌ඩුවේ අමාත්‍යධුර දැරූ 16 දෙනකු පසුගිය විශ්වාසභංග යෝජනාවෙන් පසු ඉවත් වූ අතර ඉන් 15 දෙනකු පෙරේදා (2 දා) දින මහනුවර පැවති ආගමික නායක හමුවකින් පසු රාත්‍රි 7 ට පමණ ශ්‍රී. ල. නි. ප. දැනට සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හමුවීමට ඔහුගේ ගම්පොළ දොළුව නිවසට පැමිණියෝය.

මෙහි දී සුහදව ඔවුන් පිළිගත් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද මේ රට හුඟක්‌ අභාවයට ගිහින් තියෙන්නේ. තව අවුරුදු 1 1/2 ක්‌ මේ ආණ්‌ඩුව පවත්වාගෙන යා යුතු වුවත් මම හිතන්නෙ නැහැ එය කොතෙක්‌ වේවිද කියා. බලු නගුට කෙළින් කරන්න බැහැ වගේ නැවත ආණ්‌ඩුව කෙළින් කරන්න බැහැ.

මේ රටේ පසුගිය කාලයේ සියයට හතක්‌ (7%) ක්‌ තිබුණු ආදායම අද 3.5 ට බැහැලා ඩොලරය දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහින්

දැන් මේ අය පොත් ලියන අයටත් බදු ගහලා පත්තර කාරයාටත් බදු ගහලා පෙන්ෂන් ගන්න අයටත් බදු ගහන්න උත්සහ කරනවා. කවදාවත් ලෝකේ නැති බදු ගහලා ජනතාවට යන එනමං නැති කරලා.

අපේ රට ලෝකයේ පිළිගත්තා කියලා මේ අය කීවත් ඒ රටවල් සතේකින්වත් අපට උදව් කළේ නැහැ. පසුගිය කාලයේ චීනයෙන් ගත් උදව් තමයි තාමත් යන්නේ.

බණ්‌ඩාරනායක මහත්තයා මධ්‍යම ප්‍රතිපදාව අනුව හැදුව පක්‍ෂයක්‌ තමයි ශ්‍රී. නි. පක්‍ෂය, ඒ තුළින් මේ රටේ පීඩිත ජනතාවට විශාල සහනයක්‌ සැලසුණා. ඒ වගේම සියලු ජාතීන්ටත් ආගම්වලටත් එකසේ සැලසීම මේ රටේ සියලු ජාතීන්ගේ සමඟියට හේතු වුණා. එවැනි පක්‍ෂයක පැරණිම සාමාජිකයා වන මම කැමති නෑ පක්‍ෂය පිරිහෙනවට. රට අර්බුදයට ලක්‌වන සෑම අවස්‌ථාවකම මේ පක්‍ෂය පෙනී සිටියා. අදත් මේ සිදුවී තිබෙන්නේ ඒක.

ලෝකය, රට වෙනස්‌ වන විට එයට අප අවනත වුණත් අප අපේ ප්‍රතිපත්ති පාවා දීම වෙනස්‌ කිරීම සුදුසු නෑ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ ජාති ආගම් කුල මල බේද නොමැතිව කටයුතු කිරීමයි. ඔබලා මේවා ආරක්‍ෂා කරන්න කටයුතු කරන බව පැහැදිලියි.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණි කාරණය පැහැදිලි කරමින් අදහස්‌ පළ කළ එස්‌. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා.

මුදල් අමාත්‍යාංශය ක්‍රම සම්පාදන හා ශ්‍රී ලංකා මහ බැංකුවත් රනිල් අතට අරගෙන මුළු රටම රනිල්ගෙන් පාලනය වීම රටට අහිත කර වුණා. ඒක කඩන්න ජනාධිපතිතුමා ලොකු සටනක්‌ කළත් ඒක බැරි වුණා.

මෙහි පීඩනය කොතෙක්‌ද කීවොත් එජාපයේ අයම ඇවිත් ජනාධිපතිතුමාට කියන්න පටන් ගත්තා රනිල් එක්‌ක මේ ගමන යන්න බැහැ කියලා.

මේ විදිහට ඉන්න පිරිසෙන් බාගයකටත් වඩා රනිල් එක්‌ක මේ ගමන යන්න බෑ කියන කොට ජනාධිපතිතුමා රනිල්ට කීවා අයින් වෙන්න කියලා ඒත් එයා ඒකට ඇහුම්කන් දුන් නැහැ.

එජාපයේ අය සාකච්ඡා කරලා අගමැතිතුමාට අයින් වෙන්න කීවත් ඒකට එයා ඇහුම් කන් දුන්නේ නැහැ.

අපේ පක්‍ෂයෙන් රනිල්ට කීවා අයින් වෙන්න කියලා ඒකටත් එයා ඇහුම්කන් දුන්නේ නැහැ. ඊට පස්‌සේ එජාපයෙන්ම තමයි විශ්වාසභංග යෝජනාව ආවේ. මේක අපට දිනන්න හොඳටම ඉඩකඩ තිබුණා. නමුත් මේ අය මහ බැංකුවෙන් හා වෙනත් අයථා විදිහට උපයාගත් මුදල් කෝටි ගණනින් දීලා ඒ විශ්වාසභංගය ජයග්‍රහණය කළා. අපේ පක්‍ෂයේ කීප දෙනෙකුත් මේකට අහු වුණා. අපි 16 ක්‌ අයින් වුණා. දැනටමත් අපේ පක්‍ෂයේ හත් අට දෙනෙක්‌ එජාපය සමග යන්න කටයුතු සූදානම් කරගෙන ඉවරයි.

කොහොම වුණත් අපට පෙනුණා එජාපය සමග ශ්‍රී. නි. පක්‍ෂයට ගමනක්‌ නෑ කියලා. ඒ අය එක්‌ක හිටියොත් අපේ පක්‍ෂයේ අනාගතය ඉවරයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

Related posts

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

දමිතා අබේරත්නට ඇප

colombotoday

සුජීව සේනසිංහ සියලු තනතුරුවලින් ඉවත් කර එජාපයෙන් නෙරපන්නැයි යෝජනා වෙයි

colombotoday

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday