Colombo Today Local News

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

ඔන්ලයින් ක්‍ර‍මයට ප්‍ර‍තිඵල ලේඛන සනාථ කිරීමේ ක්‍ර‍මවේදය අද සිට ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, සියලු ම කලාප අධ්‍යාපන කාර්යාලවලට මෙම පහසුකම අද සිට ලබා දෙන බව ය.

මෙමගින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ගුරු විද්‍යාල ප්‍රවේශය යන විභාගවල ප්‍ර‍තිඵල ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සනාථ කිරීම සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අනුව සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් සිය ප්‍රතිඵල ලේඛන එහිදී සනාථ කරගෙන ලබා ගැනීමේ හැකියාව පවතී.

Related posts

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා.. මා සමග මහින්ද සසදන්න එපා..- සජිත්

colombotoday

ඊශ්‍රායල ජාතිකයන් මෙරට නීති විරෝධී ව්‍යාපාර වල

Admin

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday